හෙට මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් දුම්රිය වර්ජනයක්
හෙට මධ්‍යම රාත්‍රියේ සිට යළිත් වර්ජනයක නිරතවීමට දුම්රිය සේවකයන් තීරණය කර තිබෙනවා. ඒ, ලැබිය යුතු වැටුප් දීමනාවක් මෙම මස වැටුපට නොලැබීම හේතුවෙන්.
ඒ අනුව, දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මෙම වර්ජනයට එක් වනු ඇති.