ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් ගැන ජනපතිගේ තීන්දුව ලබන සඳුදා

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයගේ අවසන් තීරණය ලබන සඳුදා (23) දිනයේ ප්‍රකාශයට පත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ අදහසක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එම වෛද්‍ය  විද්‍යාලය වසා දැමීමකින් තොරව ඊට ස්ථිරසාර විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අද(20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.