Facebook වෙතින් ෆේස්බුක් පේජ්වල දාන පෝස්ට් සදහා වැටක්..!
ෆේස්බුක් ආයතනය විසින් පසුගිය සතිය සිට අලුත් අප්ඩේට් එකක් ගෙනාවා. ඒ තමයි ‘Explore Feed” කියන එක. ෆේස්බුක් ආයතනය පවසන්නේ, බුකියේ භාවිතා කරන්නන්ට පහසුවක් පිණිස මෙය ගෙනා බවයි.
ඇත්තටම මේක නම් පේජ් කරන අයට සුභ ආරංචියක් නෙවෙයි. එයට හේතුව නම්, ෆේස්බුක් ආයතනය පවසන පරිදි මින් පස්සේ පේජ් වල දාන පොස්ට් කාගේවත් වෝල් එකේ පෙන්වන්නේ නැහැ. පේජ් වල පෝස්ට් බලන්න නම් explore feed එකට යන්න වෙනවා.
මේ වන විට Facebook Pages සියල්ලම පාහේ තම Post සඳහා Reach ලබා ගන්නේ අඩු ප්‍රමාණයකින්. බොහෝ දෙනෙක් මෙම තත්වය එතරම් සුබදායි නොවන පූර්ව ලක්ෂනයක් ලෙසයි හඳුනාගත්තේ. එය තවත් පසක් කරමින් Facebook හඳුන්වාදුන් නවතම විශේෂාංගය ‘Explore Feed’. ඒ අනුව මෙතෙක් News Feed හි දර්ශනය වූ Facebook Pages වල Post අත්හිටුවා තිබෙනවා.
සෑම දවසකම මිලියන දෙකකට ආසන්න ව්‍යාජ (fake) ගිණුම් ප්‍රමාණයක් Facebook වෙතින් ඉවත් කරන අතරේ අලුතෙන්ම එක්කළ විශේෂාංගය ‘Explore Feed’. Facebook ආයතනය සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍යයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට මෙමගින් ඉඩ පෑදෙන බවයි.
මොකක් ද මේ ‘Explore Feed’.
දැන් ඔබ like කර තිබෙන Facebook Page එකක Post එකක් නැරඹීම සඳහා Explore Feed වෙත ප්‍රවේශ විය යුතුයි. මේ දක්වා News Feed හි ඕනෑම page එකක පොස්ටුවක් ඔබේ wall එකේ දර්ශන වුණා.
News Feedහි තවදුරටත් දර්ශනය වන්නේ Pages වල Sponsored Content පමණි. නමුත් ඔබේ ලයිස්තුවේ සිටින මිතුරෙකු කිසියම් page එකක post එකක් තමන්ගේ wall එකේ share කළොත් News Feed එක මත එම පොස්ටුව දැක බලා ගත හැකියි.
මේ හේතුවෙන් Facebook හි Pages පවත්වාගෙනයාම ජීවිකාව කරගත් බොහෝ පිරිසකට තම ව්‍යාපාරය අවදානමකට ලක්වීමේ ඉඩකඩ වැඩියි. මොකද අලුත් තත්වයත් සමග page වල post වල reach එක ඉතාම වේගයෙන් පහත බැසීම මේ හරහා සිදුවනු ඇති.
Facebook මෙම නව ක්‍රමවේදය හදුන්වා දෙන්නේ ඩෙස්ක්ටොප් පරිගණකවලට පමණයි.
අනෙකුත් උපාංග කෙරෙහි නව විශේෂාංගය ඇත්තේ අත්හදාබැලීමේ මට්ටමේ.
Facebook සමාජ ජාලයේ විවිධ pages හරහා ජනප්‍රිය ලිපි/පුවත් ආදිය බොහෝ සෙයින් හුවමාරු වනවා. ඒ හැම දෙයක්ම facebook පරිශීලකයන්ට දැක බල ගන්නට නොහැකි වුවත් යම් පිටුවකට ‘like’ කර ඇත්නම් ඒවායෙහි ඇතුළත් POST දැන් ‘Explore Feed හි ඇතුළත් වෙනවා.
Facebook හි වම් පස ඉහළ News Feed වලට පහතින් රොකට්ටුවක අයිකනයකින් ‘Explore Feed’ දක්වා තිබෙනවා.
වැඩි අන්තර්ගතයක් පරිශීලකයට ලබා දෙමින් වෙබ් අඩවියේ දිගුකාලීනව රඳවා තබා ගැනීමේ උත්සහයක් ලෙස මෙය හඳුන්වා දෙන්නටත් පුළුවන්.
ඔබේ දිනපතා Facebook පරිහරණයේ දී මග හැරුණු අන්තර්ගතයන් මෙමගි ලබා ගන්නට ‘Explore Feed’ උපකාරී වනු ඇති.
වෙබ් පිටු සම්බන්ධයෙන් ගත් කළ බොහෝ Adminවරු Post එකට අදාළ ‘link’ එක Facebook මගින් share කරනවා. ඒවා මීට පෙර News Feed හි දැක බල ගන්නට හැකි වුණා.
දැන් ‘Explore Feed’ හේතුවෙන් එම ‘link’ News Feed හි නොපෙන්වන නිසා Page Adminවරු යම් අවදානමකට පත්වෙලා.
Facebook ආයතනය පවසන පරිදි මින් පස්සේ Page post කිසිවෙකුගේ වෝල් එකේ පෙන්වන්නේ නැහැ.
පේජ් වල පෝස්ට් බලන්න නම් explore feed වෙත යන්නම වෙනවා.
අනෙක් පැත්තෙන් පේජ් වල පොස්ට් දකින්න කැමති නැති අයට නම් මේක ගොඩක් වටිනවා.
මේ නිසා ලක්ෂ ගණන් like තිබුනත් කියම page එකකට Facebook profile එක හරහාත් අදාළ පොස්ටුව news feed එකෙහි share කරන්නට සිදු වේවි.
යම් කිසි අවස්ථාවක Facebook පරිශීලනය කරන්නන් news feed වලින් ඈත් වෙලා ‘Explore Feed’ වලට විතරක් හුරු උණොත් ඇඩ්මින්ලාගේ කල්ල මරේ.