රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මැරයෝ ජවිපෙ හලාවත සංවිධායකගේ නිවසට පහරදීලා
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයකු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසක් කඩු කිනිසි රුගෙන ජනතා විමුක්ති පෙරමුණේ හලාවත ප්‍රධාන සංවිධායක වරයාගේ නිවස ඇතුළු නිවාස හතරකට අලාභ හානි කර දෙදෙනකුට පහර දී ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
රාජ්‍ය ඇමතිවරයාගේ සොහොයුරා කැබ් රථයකින් ජනතා විමුක්ති පෙරමුණේ හලාවත ප්‍රධාන සංවිධායක අජීත් ගිහානා මහතාගේ ආරච්චිකට්ටුව නිවස ඇතුළු ජවිපෙ ආධාරකරුවන්ගේ නිවෙස් වෙත මෙසේ පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක වරයාගේ අයත් ලොරි රථයකට හා නිවසට පහර දී පසුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සේවය කරනු ලබන සේවකයකුගේ නිවසට ද පහර දී ඔහුට පහර දී ඇති බව කියයි.
ඒ සමගම රාජකදළුව ප්‍රදේශයේ පිහිටි තවත් ජවිපෙ ආධාරකරුවන් දෙදෙනෙකුගේ නිවාසවලට මෙසේ පහර දීම සිදු කර ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරින් පවසයි.
රාජ්‍ය ඇමතිවරයාගේ සොහොයුරා වන ජගත් සමන්ත මෙම පහර දිම සදහා පැමිණි කැබ් රථය ග්‍රාමිය හා ප්‍රාදේශීය පානිය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයට අයත් එකක් බව ද කියයි.
අදාල කැබ් රථයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා සමග තවත් සිව් දෙනෙකු පැමින ඇති බවත් පොලිස් පරික්ෂණ වලදි තහවුරු වි ඇති බව කියයි.
මේ පහර දිම් සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ හලාවත ආසන සංවිධායක හා ජාතික ජන බලවේගයෙ විධායක සභික අජීත් ගිහාන් මහතා ආරච්චිකට්ටුව පොලිසියට පැමිනිලි කර තිබුනී.
