ආණ්ඩුව තැති ගනී..! සමාජ මාධ්‍ය ට පිවිසීමටත් බාධා පමුණුවයි..!
රට තුල පැන නැගී ඇති ජනතා විරෝධතා හේතුවෙන් තැති ගැනීමට පත්වී ඇති වත්මන් ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට අවහිරතා පමුණුවා තිබේ.
ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර්, යූ ටියුබ්, සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වෙත ජංගම දුරකථන ඔස්සේ පිවිසීමට නොහැකි වී ඇති බව වාර්තා විය.
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට නොහැකි තත්වයක් පවතින බව සඳහන් වේ.
කෙසේ වෙතත් මේ වනවිට සමාජජාල ක්‍රියාකාරිකයන් VPN තාක්ෂණය ඔස්සේ සුපුරුදු පරිදි සිය සමාජජාල භාවිතා කරමින් සිටී. එබැවින් ආණ්ඩුවේ සමාජජාල අවහිර කිරීම මේ වනවිට පුස්සක් බවට පත්වී තිබේ.