“බේබි ෆාම්“ හරහා දරුවන් මුදලට අලෙවි කළ මංජුල උක්වත්ත ඇප මත මුදාහරී
අලුත උපන් දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර තිබේ.
පොලීසිය පැවසුවේ, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැර ඇති බවයි.
යළි ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සබැදි පුවත් –
“බේබි ෆාම්“ එකක් පවත්වාගෙන ගොස් දරුවන් මුදලට විකිණු මංජුල උක්වත්ත පොලීසියට කොටුවෙයි.(වීඩියෝ/ඡායාරූප)