ColomboXnews

News | Gossip | Political | Entertainment

Slidervariety

මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන කරන ලේ කැටියක් ඇති බව දැනගන්නේ කෙසේද?

මිනිස් ශරීරයේ ක්‍රියාකාරිත්වයට අතිශයින්ම වැදගත් වෙන අපේ ඇඟේ තියෙන ප්‍රධානම අවයවය වෙන්නෙ මොලය. මොලය පුංචිම හරි හානියක් සිද්ධ උනොත් එක අපේ මුළු ශරීරයේම ක්‍රියාකාරිත්වය අඩපණ කරන්න උනත් හේතු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි එතරම් අවධානයක් යොමු නොකලත් මොලයට ඇති වෙන්න පුළුවන් රෝග තත්වයන පිලිබඳ අපි සැලකිල්ලෙන් පසු වෙන්න ඕන. ඒ වගේම මේ රෝග ඇතිවෙම එක වලක්වාගන්න විදිහ සහ ඒවාට තියෙන ප්‍රතිකාර මොනවද කියන එකත් දැනගෙන ඉන්න ඇඟට ගුණයි. ඉතින් අපි අද කියන්නේ මොලය ආශ්‍රිතව ඇති වෙන්න රෝග තත්වයක් වෙන ආඝාතය එහෙමත් නැත්නම් ස්ට්‍රෝක් එකක් ඇති වෙන්න කලින් දැනගන්න ක්‍රම ගැන. 

ආඝාතය එහෙමත් නැත්නම් ස්ට්‍රෝක් එකක් ඇති වෙන්නේ මොලයට ලැබෙන රුධිර සැපයුම හදිසියේම අවහිර වීම නිසා කියලා කියන්න පුළුවන්. ස්ට්‍රෝක් එකකින් දීර්ඝ කාලින ශාරීරික ආබාධ මොලයට හානි සිදුවීම වගේම සමහර වෙලාවට මරණය උනත් ඇති කරන්න පුළුවන්. අධි රුධිර පීඩනය, ජානගත රෝග, දුම්පානය වගේ දේවල්ආඝාත ඇති වෙන්න බලපාන්න පුළුවන්. හදිසියේම ඇති වෙන අංශභාග තත්වයක් හෝ කතා කිරීමේ අපහසුතාවයක් හෝ ඇස් පෙනීම දුර්වල වීම ආඝාතයක් ඇති වීමේ මුලික ලක්ෂණ වෙන්න පුළුවන්. කොතරම් දරුණු රෝග තත්වයක් උනත් මේ පිලිබඳ හොඳ අවධානයකින් හිටියොත් ඔබට ආඝාතයක් ඇති වෙන්න පෙරම දැනගන්න පුළුවන්. අපි දැන් බලමු ඒ කොහොමද කියන එක.

මොලය ස්කෑන් කරගන්න 

අපි ඉහත කියපු මොකක් හරි ලක්ෂණයක් තියෙනවා නම් වෛද්‍ය නිර්දේශ මත මොලයේ CT scan එකක් කරගන්න ඔබට පුළුවන්. මේ මගින් ඔබට ඔබේ මොලයේ රුධිර කැටි ගැසීමක් වගේ තත්වයක් තියෙනවා නම් පහසුවෙන් ඒ පිලිබඳ දැනගන්න පුළුවන්. 

රෝග ලක්ෂණ ඇති වෙද්දීම වෛද්‍ය උපදෙස් ලබාගන්න 

ආඝාතය නෙවේ ඕනෑම රෝගයක් මුලික අදියරේදීම හඳුනා ගත්තොත් සුව කරන්න පුළුවන්. ඉතින් ආඝාතයක් දීර්ඝ කාලයක් තිස්සේ තිබුනොත් සුව කරන්න බැරි වෙනවා. මේ නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කරන මොහොතේදීම වෛද්‍යවරයෙක් හමු වෙලා රෝහල්ගත වෙන එක හරි ප්‍රතිකාර ගන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. සාමන්යෙන් ආඝාත තත්වයක් ඇති වෙලා පැය 2ක් 3ක් වගේ ඇතුලත රෝහල්ගත උනොත් ඔයාට එහි බලපෑම බොහෝ සෙයින් අඩු කරගන්න පුළුවන්.

එහිදී වෛද්‍යවරු ඔයාව පරික්ෂා කරලා ඔබට ඇති වෙලා තියෙන ආඝාත වර්ගයට අනුව ප්‍රතිකාර කරන්න පටන් ගනී. සමහරවිට ඔබට ශල්‍යකර්මයකට මුහුණ දෙන්න උනත් සිදු වෙන්න පුළුවන්. 

ආඝාතය නිසා මොලයේ ක්‍රියාකාරිත්වය සහ මතක ශක්තිය නැති වෙන්න පුළුවන්.

මේ නිසා ඔබට ආඝාත් තත්වයක් ඇති උනොත් ඊට පස්සේ මොලය වෙහෙසන ක්‍රියාවල යෙදෙමින් මොලයට අවශ්‍ය ව්‍යායාම ලබා දෙන්න ඕන. චෙස් ක්‍රීඩා කිරීම, ප්‍රෙහේලිකා විසඳීම, චිත්‍ර අඳින සංගීත භාණ්ඩ වාදනය වගේ ක්රියකරකාරකම් මේ සඳහා සුදුසුයි කියලා කියන්න පුළුවන්.

ආඝාතයක් ඇති වෙන එක වලක්වාගන්න ගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දිනපතා ලබාගැනීම. ඒ වගේම දිනපතා ව්‍යායාම වල දීම දුම්පානය මත්පැන් පානය වගේ ශරීරයට අහිතකට පුරුදු වලින් ඈත් වෙන එක ආඝාතයක් ඇති වෙන එකෙන් වැළකිලා ඉන්න ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ශරීරයේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම වගේ දේවල් නිතර පරික්ෂා කරගෙන ඉන්න එකත් ඉතාම වැදගත් වෙනවා.  අධික ලෙස ලුණු අඩංගු වෙන ආහාර ගැනීමෙන් වැලකීම, පෙර සකස් කල මස් වර්ග වගේ ආහාර වලින් වැළකිලා නැවුම් එළවලු පලතුරු, ධාන්‍ය වර්ග වගේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වාගැනීම ආඝාත තත්වය විතරක් නෙවෙයි ඔබට වැළදෙන්න පුළුවන් බොහෝ රෝග තත්වයන් වලක්වාගන්න උපකාරී වෙනවා. 

මේ තත්ත්වය තවත් භයානක වන්නේ ලේ කැටිගැසුණු ස්ථානයෙන් එම කැටිය වෙන්වී පෙනහළු දක්වා ගමන් ගත්විටයි. පෙනහළු දක්වා ගමන් කර එතුළ හිරවන මෙම ලේ කැටිය පෙනහළුවේ කොටසක් අකර්මන්‍ය කොට අනෙක් අවයව සඳහා ඔක්සිජන් රැගෙන යන රතු රුධිරාණුවලට ලේ සැපයුම අඩාල කරනවා. එය පෙනහළුවලට මෙන්ම අනෙක් අවයව සඳහා ද ඉතා අහිතකරයි. ඇත්තෙන්ම මෙය මාරාන්තික තත්ත්වයක්. බොහෝ පුද්ගලයන්ගේ මෙම අවස්ථාව කලින්ම හඳුනාගත හැකියි. ශරීරයේ ලේ කැටියක් ඇති බව හඳුනාගත් විගස ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. ශරීරයේ කොතන හෝ ලේ කැටියක් ඇති බවට ඉඟි ලබා දෙන පූර්ව ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒ  පිළිබද දේශය පාඨක ඔබේ අවධානය යොමු කරවීමයි මෙම  ලිපියේඅරමුණ.

කකුල් ඉදිමීම

කකුල් ඉදිමීම හා බාහු ඉදිමීම ශරීරයේ කිසියම්  ස්ථානයක  අනවශ්‍ය ලෙස ලේ කැටිගැසීමක් සිදුව ඇති බව දක්වන  ප්‍රධානම ලක්ෂණයකි. ලේ කැටිය මගින් පාදය සිට හදවත කරා ගමන් කරන රුධිර නාලිකා අවහිර කරන අතර එම ස්ථානයේ රුධිරය එක් රැස් වීම නිසා පාදය ඉදිමුමට ලක්වේ. ඔබ ඇවිදින විට පාදය දරදඬු ස්වභාවයක් ගනී. පාදය හා බත් කෙන්ඩා ප්‍රදේශය ඉතා අනම්‍යශීලී බවක් දැනෙයි. අධික ලෙස ඉදිමුණු බත් කෙන්ඩා සහ පාදයේ පැත්තක වේදනාව මූලික සාධක ලෙස දැක්විය හැකිය.

අපැහැදිලි කැස්ස

කෙටි හුස්ම ගැනීම, වේගවත් හද ගැස්ම, පපුවේ වේදනාව සමග  අස්වාභාවික ලෙස ඇතිවන කැස්ස සහ කැස්ස ඇතිවන විට සෙම සමග රුධිරය පිටවීම රුධිර කැටියක පෙරනිමිත්තක් විය හැකිය. එම නිසා මෙවැනි දෙයක් ඔබට දැනෙනවා නම් වහාම ඔබේ වෛද්‍යවරයා වෙත යොමුවන්න.

පාදයේ සහ පාදයේ මාංශපේශී වල වේදනාව

මෙහිදී ලේ කැටිගැසීමේ වේදනාව පැමිණෙනුයේ ඉදිමුම හෝ ඒ අවට රතු පැහැ වීමත් සමගිනි. නමුත් විටෙක ඉදිමුම පමණක් හෝ රතුවීම පමණක් දැකිය හැකිය. නමුත් බොහෝවිට මෙම වේදනාව මාංශපේශීවල තදවීවක් හෝ ඇඹරීමක් ලෙස වරදවා වටහාගත හැකිය. එසේ වුවහොත් මෙය වඩාත් භයානක බවට පත්වේ. ඔබ ඔබේ දෙපා ඉහළ පහළ හසුරුවන විට අස්වාභාවික ලෙස ගැස්සී බිම වැදීමක් හෝ ඉදිරියට දිගු වීමක් සිදු වේ නම් සහ  අස්වාභාවික ලෙස පාදය උණුසුම් වීමක් සිදුවේනම් වහාම ඔබේ වෛද්‍යවරයා වෙත යොමුවන්න.

සම රතුපැහැ ගැන්වීම

ශරීරයේ කොතැනක හෝ හදිසියේ හටගන්නා අස්වාභාවික රතුවීමක් පෙන්නුම් කරයි නම් සහ ඔබේ බාහු සහ පාද අසාමන්‍ය ලෙස උණුසුම් බවක් පෙන්නුම් කරයි නම් මෙය ලේ කැටිගැසීමේ ප්‍රධාන සාධකයකි.

පපුවේ වේදනාව

ඔබට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් එය හදවත් අමාරුවක් ලෙස සිතිය හැකිය. නමුත් මෙය පෙනහළුවල රුධිර නාලිකා වල ලේ කැටි ගැසීමක් නිසා සිදුවන වේදනාවක් විය හැකිය. මෙය PE (Pulmonary Embolism) ලෙස හඳුන්වයි. හදවත් වේදනාව සහ PE එකම ලක්ෂණ පෙන්නුම් කරන අතර PE තියුණු පිහි ඇනීමක් ලෙස දැනේ. ගැඹුරින් හුස්මගන්නා විට එය වඩාත් වේදනාකාරී විය හැකිය. හදවත් අමාරුව වේදනාකාරී වනු ලබන්නේ වම් අත උරහිස, බෙල්ල, හනු ආසන්නයේ වන අතර ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම්වලදීය. නමුත් PE සෑම ආශ්වාස ප්‍රශ්වාසයකදීම වේදනාකාරී ස්වරූපයක් ගනී.

කෙටි ආශ්වාස ප්‍රශ්වාසය හා හදවත් ගැස්ම

ලේ කැටිය ඔබගේ සිරුර තුළ ඔක්සිජන් සැපයුම අඩාල කරන අතර ඔක්සිජන් මදකම නිසා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවීමට හෘදය වේගවත්ව ක්‍රියාකිරීමට පටන් ගනී. එමනිසා කෙටි ආශ්වාස ප්‍රශ්වාස ඇති වීම සිදු වේ. මේ තත්ත්වය මත හදිසි වෙව්ලීමක් වුවත් සිදු වන්නට පුළුවන්. ක්ෂණික කලන්තය ඇති වේ. මෙය හදිසියේ වැළෙඳන රෝගී තත්ත්වයක් බැවින් උදව් ලබාගැනීම අත්‍යාවශ්‍යයි.