ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මෛත්‍රි ඇතුළු කලින් අමාත්‍ය ධුර දැරූ මන්ත්‍රීවරු 14ට මෙවර ඇමතිධුර අහිමි වෙයි.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‍මහතාටත් අද අමාත්‍ය මණ්ඩලයේ වරම් හිමි නොවීම විශේෂත්වයකි.

ඔහු ඇතුළු මින් පෙර කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ මන්ත්‍රීවරු 16 දෙනෙකු මෙවර අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් නොවීම විශේෂත්වයකි.

ඒ අතර සුසිල් ප්‍රේම්ජයන්ත්, රංජිත් සියඹලාපිටිය, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, ජගත් පුෂ්පකුමාර,  රෝහණ දිසානායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රිවරුන්ට මෙන්ම එස්.බී.දිසානායක, මහාචාර්ය තිස්ස විතාරණ මහතාට ද මෙවර අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වීමේ වරම් හිමි වූයේ නැත.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ද අද කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි හිමිනොවුණු අතර අද අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට ද ඒ මහතා එක්ව සිටියේ නැත.

එමෙන්ම මහින්ද යාපා අබේවර්ධන මහතාට ද අද කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි නොවුණ ද ඔහුගේ නම කථානායක තනතුර සඳහා යෝජනා වී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.