ColomboXnews

News | Gossip | Political | Entertainment

Slidervariety

අන්තර්ජාලයෙන් හමු වූ පෙම්වතිය මුණගැසීමට ඉන්දියාවේ 20 හැවිරිදි සිසුවෙක් පකිස්ථානයට පයින්ම ගිහින්

20 හැවිරිදි ඉංජිනේරු සිසුවෙක් ජුලි 17 වන දින පාකිස්තානයට පයින් යාමට උත්සාහ කිරීමේදී ඉන්දීය දේශසීමා ආරක්ෂක බළකාය විසන් අත්අඩංගුවට ගත් අතර එම නිලධාරීන් මෙම සිදුවීමෙන් පුදුමයට පත් විය.

සිෂාන් මොහොමඩ් සිද්දිකි නමැති තරුණයා මහාරාෂ්ට්‍රයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වහාම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ගුජරාටයේ රැන් ඔෆ් කච්හි ය. සිද්දිකි මෙසේ පකිස්ථානයට ඇතුළුවීමට උත්සාහ කර ඇත්තේ අන්තර්ජාලය හරහා හඳුනාගත් තරුණියක් හමුවීම සඳහායි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකුට අනුව, මහාරාෂ්ට්‍රයේ ඔස්මානබාද් නගරයේ ක්වාජන්ගර් හි පදිංචි සිද්දිකි, ජූලි 11 වන දින යතුරුපැදියකින් නිවසින් පිටත්ව ගොස් ඇති අතර තම යතුරුපැදියෙන් කච් වෙත ගොස් දේශ සීමාව පසුකර පාකිස්තානයට ඇතුළු විය.

ඔහුගේ යතුරුපැදිය වැල්ලේ සිරවී ඇති අතර පසුව ඔහු පාකිස්තානය දෙසට ඇවිදීමට පටන් ගත්තේය. පොලිස් නිලධාරියා පැවසුවේ පසුගිය මාස කිහිපය තුළ සිද්දිකි පාකිස්තානු තරුණිය සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධකම් පැවැත්වූ බවයි.

ඔහු අතුරුදහන් වීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔස්මානාබාද් නගර පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.