රෝහල් සේවකයා අල්ලස් ඉල්ලයි…සය හැවිරිදි දරුවා සීයාගේ ගිලන් ඇඳ ශල්‍යාගාරයට ගෙනයයි.
ඉන්දියාවේ ඩියෝ දිස්ත්‍රික්කයේ රෝහලක සේවකයෙක් ගිලන් ඇඳක් තල්ලූ කිරීම සඳහා රුපියල් 30 ක අල්ලස් ඉල්ලීම නිසා එම ගිලන් ඇඳේ සිටි තැනැත්තාගේ සය හැවිරිදි මුණුපුරා එය තල්ලූ කරගෙන යෑමට ක්‍රියා කර ඇත. දින දෙකකට පෙර අනතුරකින් තුවාල ලැබූ ඬේවි වෙට්ටිව ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ගෙන ඒමෙන් පසු ගිලන් ඇඳක දමා ශල්‍යාගාරය වෙත ගෙන යෑමට රෝහල් සේවකයාට පවසා ඇත. එහෙත් ඔහු අල්ලස් ඉල්ලා තිබේ. මේ නිසා තම පුත්‍රයාවූ බියදු සම`ග එක්ව ගිලන් ඇඳ ශල්‍යාගාරය වෙත ගෙන යෑමට සය හැවිරිදි මුණුපුරා සහ ඔහුගේ පියාට සිදු වී ඇත. මේ අතර අල්ලස් ඉල්ලූ රෝහල් සේවකයා ඉවත් කර තිබේ.