ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇලහැර අමුණත් පොහොට්ටුවේ වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවෙයි.

ලෝක උරුම ස්ථානයක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇති ඓතිහාසික ඇලහැර අමුණ ආශ්‍රිතව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග සිදුවන වැලි ජාවාරමක් හේතුවෙන් මේවන විට අමුණ අවට විශාල පරිසර හානියක් සිදුව තිබේ.

ඇලහැර ප්‍රදේශයෙන් අඹන් ගඟ හරස් කරමින් ඉපැරණි රජ සමයේ ඉදිකළ ඇලහැර අමුණ 2018 වසරේදී ලෝක උරුමයක් ලෙසද නම් කෙරුණි.

මෙම අමුණෙන්, පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ, මින්නේරිය හා කවුඩුල්ල යන වැව් වලටද ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කන්තලේ හා වෙනිරාසකුලම් වැව් වලටද ජලය සපයයි. 

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මාස කිහිපයක සිට අමුණ ආශ්‍රිතව සිදුකෙරන වැලි ජාවාරමක් හේතුවෙන් ඒ අවට පරිසරයට දැඩිලෙස හානි සිදුවී ඇති බවය.