ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අධිකරණ නියෝග නිසා බුවනෙකබාහු රජුගේ රාජ සභාව ප්‍රති නිර්මාණය කිරීම නතර වෙයි

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ අණ පරිදි කඩා දමන දෙවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සභාව යළි ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ඊයේ (24) ආරම්භ කිරීමට බුද්ධ සාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබුණද අධිකරණමය කටයුතු නිසා එය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ.

කඩා බිඳ දමන ලද මෙම ස්ථානයට ඇතුළු වීම අධිකරණය තීරණයක් මඟින් තහනම් කර තිබීම මෙයට හේතු වී තිබේ.

අධිකරණ කටයුතු අවසන් වූ වහාම රාජ්‍ය සභාවේ ප්‍රති නිර්මාණ කටයුතු යළි ආරම්භ කරන බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි.

බුද්ධ සාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය.