නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම පිටුපස සිටින්නේ පි.බී. – වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට දිගු කාලීනව බදු දීමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර මහතා බවට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ එකා බද්ධ එකමුතුව චෝදනා කරයි.
එම චෝදනාව කරන ලද්දේ ඊයේ (24) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය අතරතුරය.
මෙම ප්රශ්නය ගැන ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර මහතා සමඟ සාකච්ඡා කිරීම තේරුමක් නැති වැඩක් බැවින් ජනාධිපතිවරයා මැදිහත් වී එයට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බවට වෘත්තීය සමිති එකමුතුව ඉල්ලීමක් කරයි.