ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නිරෝධායන පනත උල්ලංඝනය කළේ යැයි මැතිවරණ කොමිසමේ මහාචාර්ය රත්නජීවන් හූල් සහ දියණියට නඩු

නිරෝධායන පනත උල්ලංඝනය කළේ යැයි කියන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඇගේ දියණියට එම පනත යටතේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඉදිරියේ දී නිරෝධායන පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතව ඇතැයිද සඳහන්.

මෙම පනත යටතේ වැරදිකරුවකු වුවහොත් රුපියල් දස දහසක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඉහත දඬුවම් දෙකටම යටත් විය හැකියි.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය මීගමුව ප‍්‍රදේශයේ හෝටලයකදී දින 14ක නිරෝධායනයට ලක් වී නල්ලූර්හි චෙම්මිණි පාරේ පිහිටි ඇගේ නිවසේ තවත් දින දාහතරක් නිරෝධායනයට ලක් විය යුතුව තිබුණ ද ඇය පසුගිය 19 වැනිදා සිය පියා සමග මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණා.