මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහලට
අද(24) දිනය තුළ නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්යාව 1118 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ නිරෝධායන මධ්යස්ථානවල සිටින අය අතරින් පමණයි.
ඊයේ(23) දිනයේ පමණක් පී.සී.ආර්.පරීක්ෂණ 1998 ක් සිදුකළ බව සෞඛ්ය අංශ ප්රකාශ කළේය.
ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 21 ක්.
ඒ අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු දෙදෙනා ඩුබායිහි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්යස්ථානයේ රැඳීසිටි අයයි.
ඒ අනුව නාවික හමුදාවෙන් මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 626 ක්.