ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අරලිය සහල් මෝල වහලා මම හිරේ යනවා.. සහල් හිගයට වගකිවයුත්තේ රොෂාන් රණසිංහ කියන පරයා – ඩඩ්ලි සිරිසේන

අරලිය සහල් මෝල වෙතට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඇතුළු වී පරික්ෂා කිරීමෙන් පසු එහි සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ පොළොන්නරුවේ ජීවනාලිය බඳු මෙම ව්‍යාපාරය දේශපාලනය නම් මඩ ගොහොරුවට ඈඳා ගැනීම තරයේ හෙළා දකින බවයි.

පොළොන්නරුවේ සිටින බංකොලොත් දේශපාලඥයෙක් වන රොෂාන් රණසිංහ තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීම ගැන ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යොමු වෙනු ඇති බව ද ඔහු ප්‍රාර්ථනා කරනවා.

වී අලෙවි මණ්ඩළය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි වගකීම් සහගත රජයේ ආයතන වල නිසි නියාමනයක් සහ ක්‍රමවේදයක් නොමැතිකමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු රජය පත්වන අපහසුතාවය සම්බන්ධයෙන් ඇත්තේ බලවත් කණගාටුවක් බව ඔහු පවසනවා.

නිවැරදි නොවන දත්ත හා මූලාශ්‍ර මත පදනම්ව, ස්වෝත්සාහයෙන් නැඟීසිටි තමන් වැනි දේශීය ව්‍යවසායකයෙකු සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනිසි බියක් ගොඩනඟන ඇතැම් අවස්ථාවාදී පිරිස් සහ කල්ලි පිළිබඳව ඇත්තේ කලකිරීමක් බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරනවා.

ඊයේ දිනයේදී ඔහු නිලධාරීන් වෙත දැඩිව කියා සිටියේ අඩු මිලට සහල් දිය නොහැකි බවත් තමන් මෝල වසා හිරේ යාමට සූදානම් බවත්ය.

“දැන් ඔබතුමා මට කියන්නකො රුපියල් 50ට අරගෙන 90ට දෙන්න බැරි නම් මං මොකද කරන්නෙ ? දැන් මේ ප්‍රශ්නෙ ඉවර කරන්නම්, අපි අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි ඉල්ලන්නේ. 

අපි රජයත් එක්ක එකඟවෙලා රුපියල් 98ට හාල් විකුණන්න තමයි අපි වී ගත්තේ. ඒක අරගෙන ඒ වී ටික ස්ටොක් කරලා, ඒකට පොළී වැටිලා අරවා මේවා ඔක්කොම කරලා කොස්ට් එක උඩට යද්දි ආණ්ඩුව 90 කරපුවාම මෝල වහලා හිරේ යනවා” 

ඔහු රොෂාන් රණසිංහ හිටපු මන්ත්‍රීවරයාව හඳුන්වනු ලැබුවේ ‘ පරයෙකු ‘ ලෙසයි.

සමාජ ජාල ගිණුමේ ඇති සම්පූර්ණ සටහන සහ වීඩියෝ පහතින් දැක්වෙනවා.