ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

ගෝඨාගේ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රය පිලිබදව CIDය අධිකරණයට කරුණු දක්වයි

ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පුරුවට ගොස් ප්‍රථිකාර ලබාගැනීම සදහා නීති විරෝධි ආකාරයෙන්  විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම ගමන් බලපත්‍රය සකස්කරදී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස්මත ඇමති වජිර අබේවර්ධන විසින් බව මේ වනවිට අනාවරණයවී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පසුගිය අගෝස්තු 14 වන දින පොලිස් මූලස්ථානයට ලැබී ඇත. ඒ අනුව එම පැමිණිල්ලේ සඳහන් කරුණු පිළිබඳව මූලිකව පරික්ෂා කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇති අතර එහිදී සිදුකළ මූලික පරීක්ෂණවලදි  අනාවරණය වූ කරුණු මත වැඩිදුරටත් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල යොමු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුවව එහිදී ද මූලිකව පරීක්ෂණයක් සිදුකර ඇති අතර කරන ලද පරීක්ෂණයේදී විමර්ශනයක් ආරම්භ කිරීමට තරම් කරුණු ඇති බවට අනාවරණය වූ බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

විමර්ශනයක් ආරම්භ කිරීම් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීම නෛතික අවශ්‍යතාවයක් බැවින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවට අද දින අළුත්කඩේ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරමින් බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

විමර්ශනය ආරම්භ කළ බවට පමණක් මෙම බී වාර්තාව මඟින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශනය සිදුකර වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි