ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලක්ෂ 15ක ව්‍යාපෘතියේ සමරු පුවරුවට විතරක් ලක්ෂ හත හමාරක් වැය කරලා !

රුපියල් ලක්ෂ 15 සම්පූර්ණ වියදමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් විහාරස්ථානයක් සඳහා ඉදිකර දුන් ජල පෙරන පද්ධතියක සමරු පුවරුව සඳහා පමණක් එම වියදමින් අඩක් වන රුපියල් ලක්ෂ හත හමාරක් වැය කිරීමේ සිදුවීමක් පිළිබඳව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

ඒ, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදීය. මෙසේ රුපියල් ලක්ෂ හත හමාරක වියදමින් නව ගල් පුවරුවක් ස්ථාපනය කර ඇත්තේ එම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාව විසින් සවිකර තිබුණු සමරු පුවරුව ඉවත් කර බව ද එහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාවට රටක් ලෙස ගොඩ ඒමට නොහැකි වී ඇත්තේ දූෂිත දේශපාලනඥයින් නිසා පමණක්ම නොව දූෂිත රාජ්‍ය නිලධාරීන් ද නිසා බව අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු. මේ, කෝප් කමිටුවේදී හෙළිවන්නේ ඒවා ගැනය.