ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සජිත් සහ අකිල අද දුෂණ වංචා සෙවීමේ ජනාධිපති ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවට

රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (23) පෙනී සිටීමට නියමිතයි.  සජිත් ප්‍රේමදාස මහතා සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. නිවාස අධිකාරීය සඳහා නිත්‍යානුකුල නොවන ආකාරයෙන් පත්වීම් ලබා දීමේදි සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

පාසැල් පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අමාත්‍යවරයාගේ ඡායාරූපය ඇතුළත් කිරීමේදී සිදුවු වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.

මීට අමතරව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.එම් ස්වාමිනාදන් මහතාද සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබේ.