ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.

පක්ෂයේ විනය කඩ කිරීම යන චෝදනාව යටතේ මොවුනට විනය පරීක්ෂණ පවත්වන බව කී නිශ්ශංක නානායක්කාර මහතා අදාළ විනය පරීක්ෂණ කඩිනමින් ආරම්භ වන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රිකයට තරඟ කර තේරීපත්වූ අතර අතුරලියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.