ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අජිත් පී පෙරේරලා කරන්නේ ගෝඨා වෙනුවට එජාපය පරාජය කරන එක – රාජිත

අජිත් පී පෙරේරලා සූදානම් වන්නේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න ද නැත්නම් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න ද යන්න ප්‍රශ්නයක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම බව දැන ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මේ අතර එජාප අපේක්ෂකයා නම් කිරීමට හදිසියක් නැති අතර එය හොඳට කල්පනා කර කළ යුත්තක් බව සේනාරත්න මහතා පැවසුවේය.
අවසාන වශයෙන් එක් නායකයෙක් වටා සන්ධානය ජනාධිපතිවරණ සටනට එළඹෙන බව  හෙතෙම අවධාරණය කළේය.