ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රිනී 6 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ්

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හා ඇගේ සොයුරිය තවදුරටත් ලබන මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා නියෝග කළේය. පසුගිය 19 වන දින ලුනුවිල සිරිගම්පල සිනෝර් හංදියේදි වෙන්නප්පුව පොලිසියේ රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට බැණ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ මන්ත්‍රිනී, සිරිගම්පල තුම්මෝදර පදිංචි වර්ණකුලසුරිය දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු සහ ඇගේ අක්කා වන වර්ණකුලසුරිය සුපුනි දුලාංජලී ප්‍රනාන්දු  යන දෙනාවය.

මන්ත්‍රීවරියගේ පියා හා නැගණිය වන අශෝක් ප්‍රනාන්දු හා වර්නකුලසුරිය නිමාෂා නවාංජලි  ප්‍රනාන්දු රුපියල් ලක්ෂ තුන බැගින් සහතික ඇප මත මුදා හැර තිබුණි.