ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

වෛරී ප්‍රකාශ වලට ෆේස්බුක් ආයතනය වැටබදී.

වෛරී ප්‍රකාශ හා පණිවිඩ හුවමාරු කිරීම වැළැක්වීමට  ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ද ඒ බව සිය සංගමයට දන්වා සිටියේ යැයි ද ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පැවසීය.
පසුගිය දිනවල සුළු ජන කොට්ඨාස සම්බන්ධයෙන් ෆෙස්බුක් හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම නිසා ශ්‍රී ලංකා රජය කිහිපවරක්ම ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකට පිවිසීම අවහිර කර තිබිණි. එය පදනම් කරගනිමින් ෆෙස්බුක් ආයතනය මෙම පියවර ගෙන ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.
ෆේස්බුක් ප්‍රමිති උල්ලංඝනය කරන ගිණුම් හා සටහන් ඉවත් කිරීම,  මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරයවීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆෙස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන, ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින සටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම යනාදිය අදාළ ඒකකයේ මූලික කාර්ය වී ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.
ෆේස්බුක් ආයතනය තම භාෂාමය ගැටළු විසඳාගැනීම සඳහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් යැයි ද කුරුවිටගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(ලංකාදීප)