ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගෝඨා – බය නම් මටත් තියෙනවා. අපේක්ෂකයා රෙද්ද බැනියම අඳින කෙනෙක් – වෙල්ගම

තමන්ට අනාවැකි කීමේ හැකියාව ඇතත් මේ මොහොතේ එසේ නොකියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වනු ඇත්තේ රෙද්ද බැනියම අඳින පුද්ගලයකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ගෝඨා – බය යන්න නම් තමන්ටත් තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
“ගෝඨා – බය රාජපක්ෂ මහත්තයා … ඇත්තටම එහෙම නම් මමත් බයයි. බය කියන එක මටත් තියෙනවා” යනුවෙන් ඒ මහතා පැවසීය.
කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
(LNW)