NewsSlider අධිවේගී මාර්ගයෙන් ගසාකෑ වසන්ත සේනානායකට එරෙහිව ප්‍රදේශවාසීන් නඩු මගට June 23, 2019 Kamal Dhammika තොරතුරු පනත යටතේ පොළොන්නරුව ප්‍රදේශවාසීන් 13 දෙනෙක් විසින් ඉදිරිපත් කළ තොරතුරු අයදුම්පත් මගින් ලබාගත් තොරතුරු හරහා අරලගන්විල-කන්දේගම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන දිඹුලාගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ය. ඔහු ඇතුළු තවත් 4 දෙනෙකුට මේ අනුව නඩු පවරා තිබේ. මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය අවසන් නොකිරීම මගින් මහජනතාව අපහසුතාවට පත් කිරීම යටතේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. නීතීඥ ගාමිණී ගුණරත්න මහතා පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටියි. 2018 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පොළොන්නරුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිණිස රුපියල් මිලියන 2049 ක් වෙන් කර ඇති නමුත් එහි වැඩ කටයුතු අවසන් නොවීම හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිති. Post Views: 942 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print