ඉරාකයේ ආයුධ කම්හලක් ලංකාව වෙත ගෙන එන සමාජ ජාලා වසන්ගතය.
ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා සඳහා බෝම්බ නිෂ්පාදනය කළ බෝම්බ නිෂ්පාදනාගාරයක බව සඳහන් කරමින් ජනතාව නොමඟයන ඡායාරූප පෙළක් ඊයේ සිට අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් තිබේ. ඒ සඳහා සමාජ ජාලා මාධ්‍ය තුළ හිමි වූයේ සුවිශේෂී ඉඩකි.
ඉහත සඳහන් කළ පුදුකුඩුඉරිප්පු ආයුධ කම්හලේ බව කියන ඡායාරූප ඉරාකයේ මොසුල්හි පිහිටි අයිඑස්අයිඑස් සංවිධානයට අයත් ආයුධ කම්හලක ඡායාරූප බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් හෙළි වී තිබේ.
ඇතැම් පුද්ගලයන් මේවා නොදැනුවත්ව එකිිනෙකා වෙත සංසරණය කරන අතර ඇතැම් පුද්ගලයන් දැනුවත්වම ඒවා සමාජ ජාලා මාධ්‍ය හරහා හුවමාරු කරයි. මෙම ඡායාරූපවලට රැවටෙන සාමාන්‍ය ජනතාව කලබලයට පත්වන අතර එය ජාතික ආරක්ෂාවට මෙන්ම ආරක්ෂ අංශ විසින් සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා ද බාධාවකි.
ආරක්ෂක අංශ සිදු කරනු ලබන සෝදිසි කිරීම් සඳහා මාධ්‍යවේදීන් සහභාගි වීම තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කළේද මේ නිසා විය හැකිය.
මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වන තොරතුරු බහුතරයක් අසත්‍ය වන අතර ඒ නිසා මහජන කැළඹීම් පවා ඇතිවීමට ඉඩ තිබේ. අනෙක් පැත්තෙන් අතිශය වැදගත් සත්‍ය තොරතුරක් පවා අසත්‍ය යැයි බැහැර කිරීමට ජනතාව හුරු වනු ඇත. එය ද අතිශය භයානක තත්වයකි.
ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජීවිත අවදානමද නොතකා සෝදිසි කිරීම් සිදු කරද්දී ජනතාවගේ හා මාධ්‍යවේදීන්ගේ මෙන්ම සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්ගේද වගකීම ඔවුන් හැකි උපරිම අයුරින් සහාය දැක්වීමයි. සහාය දැක්විය හැකි හොඳම ආකාරය වනුයේ ඔවුන් පිළිබඳ පූර්ණ විශ්වාසය තබා, කලබන ඇති නොවන ආකාරයෙන්, කටයුතු කිරීමයි.

