ආණ්ඩුකාරධූරයෙන් හිස්බුල්ලා වහාම ඉවත් කරනු..! ත්‍රිකුණාමලයේ හර්තාල්
නැගෙනහිර ආණ්ඩුකාරධූරයෙන් මොහොමඩ් හිස්බුල්ලා මහතා වහාම ඉවත් කරන ලෙස බලකරමින් ත්‍රිකුණාමලය නගරයේ සහ ඒ අවට හර්තාලයක් ආරම්භ කර තිබේ. ත්‍රිකුණාමලය, කන්තලේ, සේරුනුවර හා තඹලගමුව යන ප්‍රදේශ මෙම හර්තාලයට එක් වී සිටියි.
ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් එම හර්තාලය ආරම්භ කර ඇති අතර පොලිසිය මැදිහත් වී ඒවා ඉවත් කිරීමෙන් පසු තත්ත්වය උණුසුම් වී තිබේ. විරෝධතවකරුවන් විසින් ධාවනයේ යෙදුණු ලංගම බස් රථයකට ගල් ගස ඇති බවද සඳහන්.
හර්තාලය ක්‍රියාත්මක ප්‍රදේශයන්හි වෙළෙඳසල් සියල්ලම පාහේ වසා දමා ඇති අතර පෞද්ගලික බස් ධාවනයද සම්පූර්ණයෙන් පාහේ ඇණහිට ඇති බවයි එම ප්‍රදේශයේ වාර්තාකරුවෙකු සඳහන් කළේ.
ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල කටයුතු දැඩි වී ඇත.
මේ අතර කන්තලේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා මහතා විසින් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට එරෙහිව සත්‍යග්‍රහයක්ද ආරම්භ කර තිබේ.
පොලීසිය හා ආරක්ෂක හමුදා යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවද සඳහන්.


