ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දිවයින පුරා අද සවස 6.00 සිට පොලිස් ඇඳිරි නීතිය

දිවයින පුරා අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබදව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

තවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ, කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත.

මේ අතර, සිදුවු පිපිරීම්වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී.