පුජිතගේ නීති විරෝධී ස්ථාන මාරුවට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගෙන් අභියාචනයක්
පොලිස්පති පුජිත ජයසුන්දර විසින් ලබාදුන් නීති විරෝධී ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළේය.
නීත්‍යනුකූල නොවන ක්‍රියාවක් සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් දෙදෙනකු ලබා දුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි ඔහු තම අභියාචනයේ සඳහා කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතියක් නැතිව පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඉවත් කරනු ලැබුවේ පසුගිය සතියේය.