ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘කැවුමා’ට අයත් රාවතාවත්ත නිවසින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම මිලියන 1800 ක්

මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වන ඉන්දික සම්පත් නොහොත් කැවුමාට අයත් මොරටුව රාවතාවත්තේ නිවසින් අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 1800 අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිවස මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන ‍දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාට අයත් බවට සැලකෙයි.

කෝටි 500 දියමන්ති ලඟ බාගෙන සිටි මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වන කැවුමා නැමැති සැකකරු සැඟව සිටීම සඳහා භාවිතා කර තිබූ තෙවන ආරක්ෂිත නිවස මෙය බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම නිවසේ හොරොයින් වලට අමතරව පිස්තෝල දෙකක් ස්වයක්‍රිය ෂොට් ගන් ගිනි අවියක් තුන් , විවිධ ගිනි අවි වලට අයත් උණ්ඩ, සිම් කාඩ්පත්, ජංගම දුරකථන , බොරු කොණ්ඩ, ආදි භාණ්ඩ රැසක් තිබි සොයා ගෙන තිබේ. 2018 වසරේ ජුනි මස මසකට රුපියල් 25.000 මුදලකට මෙම නිවස කුලි පදනම මත ලබාගෙන තිබූ බව ගුණසේකර මහතා පැවැසීය.

ඉන්දික සම්පත් නොහොත් කැවුමා යන අය ඊයේ(10) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදු කරයි.