ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහ මැතිවරණයක් වෙනුවෙන් අයවැය පරාජය කරනවා – රෝහිත අබේගුණවර්ධන

අයවැය පරාජය කරන්නේ රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි කරවීමට නොව මහජන ජන්දයක් ලබා ගැනීමට සඳහා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මහින්ද රාජපක්ෂ මහතා යළි නායකත්වයට ගෙන එන්නේ මැතිවරණයකින් පසු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කරන බව පවසන එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයා අභියෝගයක්ද එල්ල කළේය. ඔහු අවධාරණය කළේ හැකි නම් එය කර පෙන්වන ලෙසයි.

(LNW)