බන්දුල ගුණවර්ධනගේ දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කොළඹ වාණිජ්‍ය මහාධිකරණය නියෝග කරයි.
පෑන් එෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදලක් නෙගෙවා සිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඒ මහතාට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මුදල් අයකර ගන්නා ලෙස අද(26) කොළඹ වාණිජ්‍ය මහාධිකරණය නියෝගයක් නිකුත් කළේය. පෑන් ඒෂියා බැංකුවට ණය ගෙවීම පැහැරහැරීම සම්බන්දයෙන් මෙම නියෝගය නිකුත් කළේ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා විසිනි.
අදාළ ණය මුදල් හෝ ඊට අදාළ පොළී මුදල් නොගෙවීම මත එම මුදල් අයකර ගැනීම ස`දහා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පිහිටි දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණීම සඳහා මෙම නඩුව පවරනු ලැබිණි.
පෑන් ඒෂියා බැංකුවෙන් අවස්ථා කිහිපයකදී ලබාගත් ණය මුදල් හා බැංකු අයිරා කිහිපයක් නොගෙවීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාට සහ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම යන ආයතනයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි. මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ තමා යම් ලේඛනයකට අත්සන් කළ බවයි. එහෙත් එය උකස්කරයක් බව නොදැන සිටි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විමසීම අවසානයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දෙවැනි විත්තිකාර බන්ධුල ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්කි දෙමින් තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බව පැවසුවත් ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන යම් ලේඛණයකට අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දුවේ සඳහන් කොට ඇත.
ගුණවර්ධන මහතා අත්සන් කරන්නේ උකස්කරයකට බව හොදින්ම දැන ඔහු අදාළ ලේඛණ වලට අත්සන් කොට ඇති බව පැහැදිලිව පෙනී යන බව සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළ විනිසුරුවරයා පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක (120,00,000) බැංකු අයිරාව හා ණය මුදල් නොගෙවුවහොත් ඒ වෙනුවෙන් ඇපයට තබා ඇති හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් අංක 28 දරණ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙසද නියම කළේය.