කොකේන් ගහන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය කවුද..! රන්ජන්ගෙන් තවත් හෙලිදරව්වක්.
පාර්ලිමේන්තුවේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මන්ත්‍රීවරියක් ද සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. කොකේන්, ටැබ්ලට්, සිගරැට් භාවිතා කරන මෙම මන්ත්‍රීවරිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කර තිබෙන්නේ. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන දේශපාලනඥයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක ඇමතිවරයා විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ අතර ඒ නිසාම ඔහුට එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හමුවට ද පමුණුවා තිබිණි.
තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් අදාල මන්ත්‍රීවරිය පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඇති බවත් මේ මොහොතේ ඇය පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කළ නොහැකි බවත් ඇමතිවරයා පවසයි. මෙම මන්ත්‍රීවරිය වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේද යන්න ප්‍රකාශ කිරීමද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් අවශ්‍ය අවස්ථාවේදී සියලු තොරතුරු හෙලිදරව් කිරීමට තමා සූදානම් බවයි රාමනායක මහතා වැඩිදුරටත් පවසන්නේ.
තමා සිදුකළ හෙලිදරව් හේතුවෙන් මේ වනවිට කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විවිධ ඖෂධ හරහා චෝදනාවලින් ගැලවීමට දරන උත්සාහයන් පිළිබඳව තමාට අනාවරණය වන බව ද රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.