ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එමිල් රංජන් යලි රිමාන්ඩ්

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන 26 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(12) නියෝග කලේය.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී රැදවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව එමිල් රංජන් ළමාහේවා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වනවිට සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ද ගොනුකර ඇත.