ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

ලසිත් මාලිංග වාර්තා දෙකක් අභියස

දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුළු 05ක් දවා ගැනීමට සමත් වුවහොත් අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ඔහුට වරම් හිමිවේ.

ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් තරඟ 70 කට සහභාගීවී කඩුලු 94ක් ලබා ගනිමින් කඩුලු ලාභීන්ගේ සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර එහි පළමු ස්ථානයේ පසුවන්නේ හිටපු ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි තරග 96කදී කඩුලු 98ක් දවාගනිමිනි.

එසේම ලසිත් මාලිංග තවත් කඩුළු 6ක් දවාගැනීමට සමත් වුවහොත් අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු සියයක් දවාගත් පළමු ක්‍රීඩකයා වීමේ වරම ද හිමිවේ.

ලබන මාර්තු මස 19,22,24 යන දිනයන්වලදී දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වීමට නියමිතය.