පක්ෂ නායක රැස්වීම කථානායක ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ පක්ෂ නායක රැස්වීම ආරම්භ කර ඇති බව වාර්තාවේ. මේ අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි. ඊට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක හමුව පැවැත්වෙනු ඇත.
එහිදී පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සහ අද දිනට අදාළ න්‍යාය පත්‍රය සකස් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර තිබේ. අවසරලත් මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියි.
පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු පුද්ගලයන් අද දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ද නියමිතයි. මීට අමතරව ආරක්ෂක කටයුතු සඳහා අමතර පොලීසිය යොදවා තිබේ.