‘මහින්ද මොනව කීවත් පළමුව එන්නේ පළාත් සභා ඡන්දයක්’ – එස්.බී දිසානායක
මහින්ද රාජපක්ෂ පාර්ශ්‍යවය ඉක්මන් මහමැතිවරණයක් ඉල්ලා සිටියද පළමුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් මහින්ද-සිරිසේන ආණ්ඩුවේ දෙපාර්ශ්යවය අතර මේ පිලිබදව එකගතාවයක් නොමැති බව වාර්තාවේ. සිරිසේන ජනාධිපතිවරයා සමග සිටින ඉක්මන් මහ මැතිවරණයකට යාම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් ඒ සදහා යෝජනා කරන්නේ පලාත් සභා මැතිවරණයයි. ඒ බව ඊයේ එස්. බී දිසානායක මහතාද අවධාරනය කරන ලදි.