ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘කට පරිස්සම් කරගන්න’ – රනිල් එජාප මන්ත්‍රීවරුන්ට කියයි.

ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු අධ්‍යයනය නොකර ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට ඊයේ (22දා) උපදෙස් දී තිබේ.

පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එජාප මන්ත්‍රිවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.

විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී වගකීමෙන් හා දැනුවත් බවින් යුතු අදහස් දැක්වීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති එජාප නායකයා අදාළ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවලදී එවැනි කරුණු ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවත් අවධාරණය කර තිබේ.

(මව්බිම)