ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධියි’ – නීතිපති සිරිසේනගේ මුණටම කියයි.

අද(09) නීතිපතිවරයා කැඳවා ඇති ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන අදහස් විමසා ඇති අතර නීතිපතිවරයා විසින් ඊට ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩකඩක් නැති බවත් එසේ කළහොත් රට විශාල අර්බුදයකට යන බවත් පවසා ඇත.

එහිදී “නීතිපතිතුමා තමුසෙගෙ උපදෙස් මට වැඩක් නෑ. මේක කරන්න පුළුවන් හැටියක් බලනවා” යයි පවසා ඇති අතර ඒ ප්‍රකාශයෙන් කළකිරීමට පත් වූ නීතිපතිවරයා නැගිට යාමට සූදානම් වෙද්දී ජනාධිපති ලේකම් ඔහුගේ අතින් අල්ලා වාඩි කරවාගෙන තිබේ. එහිදී ද නීතිපති වරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවීමට ව්‍යවස්ථාවෙන් බලයක් නොමැත් බවයි.

ඉන්පසුව ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගේ අදහස් විමසා ඇති අතර ඔහු පිටු 9 ක ලිපියක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මේ අවස්ථාවේ ජනාධිපතිට බලයක් නොමැති බව පෙන්වා දී තිබිණ.