රජයේ මුද්‍රණාලය සිරිසේන පවරාගනී – අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති අතර එම අති විශේෂ ගැසට් පත්‍රයේ පිටපතක් අප වෙත ලැබී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව මෙම පවරාගැනීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇත.
2018 නොවැම්බර් 05 වැනි දිනැති අංක 2096/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නිවේදනය නොවැම්බර් මස 09 වැනි දින සිට ක්‍රියාත්මක බවයි දැක්වෙන්නේ.
