ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දගෙන් ’16 කල්ලියට’ කොන්දේශියක් – ශ්‍රිලනිප සියලු තනතුරු අත්හරින්නැයි ඉල්ලයි.

පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “16 කල්ලියට” මහින්ද පිලට එක්වීම සදහා මහින්ද රාජපක්ෂ විසින් බරපතල කොන්දේශි දෙකක් පනවා ඇත.  එම කොන්දේසි නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීම්වලට සහභාගි නොවීමද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් දරණ සියලු තනතුරු අත්හැරීමද වේ. පසුගියදා රැස්වු මහින්ද පිලේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මෙම යෝජනාව සිදුකර ඇත්තේ ඩලස් අලහප්පෙරුම මහතා විසිනි.

මීට පෙර මෙම 16 කල්ලිය මහින්ද පිලට එකතුකර ගැනීම සම්බන්දයෙන් බැසිල් පාර්ශ්‍යවය සහ ගෝඨා පාර්ශ්‍යවය අතර මත දෙකක් පැවතුනි. අවසානයේ ඉන් ජයගෙන ඇත්තෙ බැසිල් පාර්ශ්‍යවයේ අදහසයි. ඒ අනුව 16 කල්ලිය මේ මොහොතේ බරපතල දේශපාලන ගැටළුවක හිරවී ඇතිබව පෙනේ. ශ්‍රිලනිපයේ තනතුරු අත්හැරීම යනු තනිකරම මෛත්‍රිපාල සිරිසේන අමතකර කර දමා ඔහුගෙන් වෙන්වීමක් වන අතර මෙම හේතුව නිසා 16 කල්ලිය මේ මොහොතවනවිට දේශපාලනික වශයෙන් අනාථභාවයට පත්ව ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

මේ අතර යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධූරවල සිටියදීම, එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව තමන් 16 දෙනා ක්‍රියා කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ලෙස ක්‍රියා කිරීමට තමන්ට අවස්ථාව ලබා දෙන බවට ලබා දුන් බලාපොරොත්තුව නිසා බවත්, එය ඉටු කර ගැනීමට මෙතෙක් නොහැකිවී තිබීමෙන් තම කණ්ඩායම දේශපාලනික වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින බවත් මෙම පිරිස විසින් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබේ.