70 වසරක් රට පාලනය කල කිසිම ආණ්ඩුවක් ගොවියගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන්නේ නැහැ.
නිදහස ලැබූදා සිට මෙතෙක් පැවති කිසිඳු ආණ්ඩුවකින් රටේ ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබාදී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 22 දා දෙහිඅත්තකණ්ඩිය දෝලකන්ද ගම්මානයේ වැව අසල පවත්වන ලද කමත් සභාව වැඩසටහනකට එක්වෙමිනි.
අද වන විට අස්වැන්නට මිලක් නොමැති බවත් ඒ හේතුවෙන් අස්වැන්න අපතේ දැමීමට සිදුව ඇති බවද ඒ මහතා පැවසීය. මේ හේතුවෙන් ගොවි ජනතාවගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවද කේ.ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න, ලේකම් ටී.බී. සරත් ඇතුළු ගොවි නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් නායක වසන්ත පියතිස්ස යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම කමත් සභාව පැවැත්විය. හේනානිගල ආදිවාසී නායක ඌරුවරිගේ සුදුබණ්ඩා ඇතුළු ආදීවාසී ජනතාවද මෙම අවස්තාවට එක්විය.