ColomboXnews

News | Gossip | Political | Entertainment

CorruptionNewsSlider

මහින්ද විශ්ව විද්‍යාලයක් නොමැතිව මිලියන 219ක් වැයකර හම්බන්තොට කාමර 100ක නේවාසිකාගාරයක් හදලා.

මහින්ද රාජපක්ෂ පාලන සමය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිගත්ත ප්‍රදේශයේ කිසිදු විශ්ව විද්‍යාලයකට අයත් පීඨයක් නොමැති තත්වයක් තුල කොළඹ විශ්ව විද්‍යාලයට අයත් කාමර 100 නේවාසිකාගාරයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගොඩනගා ඇති බව වාර්තාවේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවෙන් මෙම තොරතුරු හෙලිදරව්වේ.

මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව තිබුණද එම පීඨය ගොඩනැගීමය පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකිරීම හාසය දනවන කරුණකි. මෙම කාමර 100කින් යුත් නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරිමට තීරණය කිරීමත් සමග මෙම නේවාසිකාගාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි සුදු අලියෙක් බවට පත්වී ඇත.

මෙම වැලිගත්ත ප්‍රදේශයේ ජෛව තාක්ෂණ පිඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීම බරපතල ගැටළුවක් බවත් ඒ පිලිබදව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ දැඩි අවදානය යොමුවී ඇත.

වාර්තාවන ආකාරය මෙම නේවාසිකාරය ඉදිකිරීම පිටුපස මහින්ද රාපක්ෂලාගේ දේශපාලන න්‍යාය පත්‍රය පවතින බව පෙනී යයි. එනම් එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය වු ෂණිකා හිරුකුඹුරේගම මහත්මිය හා ඇගේ සැමියා වු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කුමාර් හිරුකුඹුරේගම මේ පිටුපස සිටින බව තහවුරුවේ. කුමාර් හිරුකුඹුරේගම එම කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂ වරුන් සමග දේශපාලනයට සම්බන්ද වු අතර එහි ප්‍රථිපලයක් ලෙස කොළඹට ඉතා දුරස්වු හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශයක මෙම පීඨය ගොඩනැගීමට තීරණය කර ඇත. නමුත් පසුව එම ස්ථානයේ මෙම පීඨය ගොඩනැගීම අතහැර දමාඇත.