NewsSlider කොතලාවලට සයිටම් ශිෂ්‍යයන් ඇතුළත් කිරිමට වෛද්‍ය සංගමයෙන් රජයට කරුණූ 05 ක් June 22, 2018 Kamal Dhammika සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවෙන් නීත්‍යනුකූලභාවය ලැබී තිබෙන නිසා කරුණු 05ක් වහාම රජය විසින් ඉටු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය. මේ අනුව පහත කරුණු එම සංගමය අවධාරනය කරයි.. 01 .ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් සකස් කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ කෙටුම්පත වහාම පාර්ලිමේන්තුව තුළ සම්මත කළ යුතු විම. 02. විශ්වවිද්‍යාල පනතට අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වී සයිටම් ආයතනය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය වහාම නිකුත් කළ යුතු විම. 03.අන්තර්ග්‍රහණය කරන සිසුන්ගේ මූලික සුදුසුකම් පිළිබඳ වෛද්‍ය සභාවේ නිරීක්ෂණය ලබාගත යුතු විම. 04.කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා සයිටම් ශිෂ්‍යයන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත හැකි ආකාරයට සහ වෛද්‍ය උපාධිය ලබාගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු විම. 05.සකස් කළ නීතිමය රාමුව තුළ සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම පිළිබඳ කාලරාමුව ප්‍රකාශයට පත් කළ යුතු විම. Post Views: 965 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print