ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බැදුම්කර වංචාව: ඇලෝසියස් හා කසුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් ලබන මස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති  පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය පසුගිය පෙරබරවාරි මස 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අදාල නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ අර්ජුන් ඇලෝෂියස්ගේ පියා වන පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් හට ලබන 5 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණු බව සඳහන් වේ.