ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

මෛත්‍රීගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට.

ජනධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. කේ මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පී දිසානායක විසින් රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ කොළඹ තරු පහේ හෝටලයකදි අද(03) සවස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මොවුන් රුපියල් කෝටි 56ක අල්ලසක් ඉල්ලා ඇති අතර කෝටි 10කට පහත දමා ඒ මොහොතේ රුපියල් කෝටි 2ක අත්තිකාරමක් ලබා දෙමින් සිටි අතරදි මෙම වැටලීම කළ බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා සඳහන් කරයි. මේ වනවිට ඔවුන්ගෙන් රදවාගෙන ප්‍රශ්ණ කරන බව අල්ලස් කොමිසම ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගැනුණු අයි.කේ.මහානාම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෑතදී පත්වීම් ලද රාජ්‍ය නිලධාරියෙකි. එම පත්වීම ලැබීමට පෙර ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය.

ඉහත කී අල්ලස් මුදල ලබා ගැනීම කන්තලේ සීනි කම්හල ඉන්දියානු සමාගමකට පැවරීමට අදාළ ගනුදෙනුවක් යටතේ සිදුකර ඇති අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෑතදී අත්අඩංගුවට ගන්නා ලද ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා මොවුන් බව පැවසේ.