NewsSlider තාජුඩින් ඝාතනයට රාජපක්ෂලාට ආරක්ෂාව සැපයූ නාවික හමුදා සමාජීකයින් ගැන සොයයි May 3, 2018 Kamal Dhammika රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමාජිකයින්ට ආරක්ෂාව සැපයූ නාවික හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත දන්වා සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ආරක්ෂාව ලබා දුන් නාවික හමුදාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔවුන්ගේ දෛනික සටහන් පොත්, කෙටි සංඥා හා නිවාඩු ලේඛන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද මෙහිදි දන්වා සිටියේය. එසේම ඉදිරි පරීක්ෂණ සිදුකර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කළ අතර එම ඉල්ලීම පිළිගත් අධිකරණය පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජුනි මස 29 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්ගමේන්තුවට නියම කළේය. මෙම නඩුවට අදාළව සැකකරුවන් ලෙස නම් කර දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. Post Views: 792 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print