ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පානදුර, අඟලවත්ත, මහියංගනය හා තිරප්පනෙන් ජී.එල්ගේ පක්ෂය ඉවතට

පානදුර නගර සභාව සහ අඟලවත්ත, මහියංගනය හා තිරප්පනේ ප්‍රාදේශීය සභා සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අදාළ පෙත්සම් බුවනෙක අළුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබීය. එහිදී තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුනේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරපත් කළේය. එහෙත් රජයේ නිතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ, අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම නිතියානුකූල ආකාරයට සිදුව ඇති බවයි. එම නිසා ඒවා නැවත අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොමැති බව ද රජයේ නීතිඥවරු පෙන්වා දී තිබේ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තරම් සුදුසු නීතිමය පදනමක් නොමැති බැවින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කර ඇත.