ජවිපෙ නායක අනුර මිලියන 1000 ක් ජොන්ස්ටන් සහ දෙරණ නාලිකාවෙන් වන්දි ඉල්ලයි
තමන්ට සිදු කළ අපහාසයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ පෞද්ගලික නාලිකාවකින් (දෙරණ) මිලියන 500 බැගින් මිලියන 1000ක වන්දි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන ලදී. තමන්ට එරෙහිව අසත්‍ය හා අවලාදාත්මක ආකාරයේ ප්‍රකාශයක් ප්‍රසිද්ධ රැස්විමකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකර අති බවත් එම අසත්‍ය හා අවලාදාත්මක ප්‍රකාශය හරහා තමන්ගේ කීර්තිනාමයට සිදුවු හානිය වෙනුවෙන් මෙසේ වන්දි ඉල්ලා තිබේ.
තම කීර්තිනාමයට අපහාස වන අන්දමින් වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කටයුතු කරන බවද පැමිණිලිකාර ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.
නීතිඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.