ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘ පුංචි ජන්දයේ අපේක්ෂකයින් අතර අපරාධකරුවන් සිටිනවා’ – පැෆරල් සංවිධානය

පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධකරුවන් සිටින බව හෙළිවී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන්. පාතාල මැරයින් , ස්ත්‍රි දුෂකයින් ඇතුළුව විවිධ චෝදනා ලබා සිටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර සිටින බව පැෆරල්  සංවිධානය කළ සොයා බැලිම්වලදී හෙළි වී යැයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

එසේ චෝදනා ලැබු අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බව කී හෙට්ටිආරච්චි මහතා එසේ තොරතුරු තහවුරු කරගත් වහාම ඔවුන් පිළිබඳ රටට හෙළි කරන බව ද කීය.

එමෙන්ම මෙම පුද්ගලයින්ට ඡන්දය දෙන්නට එපා යැයි ඡන්දදායකයින් ගෙන් ඉල්ලා සිටින බව කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා ඔවුනගේ තොරතුරු සොයා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය